1919 වෙත යවනු ලබන සියළු කෙටි පණිවුඩ ගාස්තු වලින් තොර වන අතර වෙබ් අඩවිය භාවිතය සඳහා වන දත්තද ගාස්තු වලින් තොරවේ

Stay Safe Sri Lanka Stay Safe Sri Lanka Stay Safe Sri Lanka

"සුවෙන් සිටිමු" විසඳුම සඳහා QR ස්කෑනරයන් අන්තර්ගත දේශීය ජංගම දුරකථන යෙදවුම්

Stay Safe Sri Lanka Stay Safe Sri Lanka Stay Safe Sri Lanka Stay Safe Sri Lanka

සුවෙන් සිටිමු කොවිඩ් ට්‍රේසර් මෘදුකාංගය ක්‍රියාකරන අයුරු


how_staysafe_works

කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමටත් එය පැතිරෙන මාර්ග අවහිර කිරීමටත් කොවිඩ් 19 වෛරසයට නිරාවරණය වූවන් හඳුනා ගැනීම, ඔවුන්ගේ විස්තර සොයා ගැනීම සහ කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය වේ. එය කොවිඩ් 19 ආසාදිතයාගේ සමීපතමයින් හා සම්බන්ධ වූවන් සොයා ගැනීමේ ක්‍රියාවලිය ලෙස අර්ථ දැක්විය හැක.

alternative

1 ඔබ කිසියම් ස්ථානයකට ඇතුළු වන හෝ පිටවන සෑම විටම QR කේතය ස්කෑන් කිරීම තුළින් හෝ 1919 වෙත කෙටි පණිවුඩයක් යැවීම මගින් හෝ ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය / විදේශ ගමන් බලපත්‍ර අංකය අදාළ ආයතනය වෙත ලබා දීම සිදු කිරීම තුළින් ඔබේ විස්තර පද්ධතියට ඇතුලත් කරන්න.

alternative

2 ඔබ කිසියම් ස්ථානයකට පැමිණි සහ පිටවූ වේලාවන් එම ස්ථානයම වෙත අන් අය පැමිණි සහ පිටවූ වේලාවන් සමඟ සංසන්දනය කෙරේ

alternative

3 වෛරසය වැලදී ඇති පුද්ගලයෙකු එම අවස්ථාවේදී එම ස්ථානයේ සිටියේ නම් ඔබට ඒ බව දන්වනු ලැබේ

alternative

4 අදාළ දැනුම් දීමෙන් පසු ස්වයං නිරෝධායනය ඇතුළුව වෛරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා ගත යුතු සියළු පියවර ගන්න


සුවෙන් සිටිමු කොවිඩ් ට්‍රේසර් මෘදුකාංගය ඔබට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?


  • ඔබ කොවිඩ් 19 අසාදිතයෙකු වෙත නිරාවරණය වූ විට ඒ බව දැනුවත් වීම සඳහා

  • ඔබ ඇතුළුවන සෑම ස්ථානයකටම ඔබගේ විස්තර ඉක්මන්ව නිවැරදිව හා සෞඛ්‍යාරක්ෂිතව ලබා දීම

  • ඔබ පළමු වර පමණක් ඔබගේ විස්තර ඇතුළත් කළ යුතු අතර ඉන් පසු ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදේශ ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම පමණක් සෑහේ

  • QR ස්කෑන් පහසුකම ඔබට ප්‍රමාදයකින් තොරව අදාළ ස්ථානයට ඇතුළුවීමටත් පිටවීමටත් අවස්ථාව ලබාදේ

  • ඔබ සතුව SMART ජංගම දුරකතනයක් නැතිනම් කෙටි පණිවුඩ හරහා ඔබගේ විස්තර ඇතුළත් කළ හැක

alternative

සුවෙන් සිටිමු කොවිඩ් ට්‍රේසර් මෘදුකාංගය ඔබේ ආයතනයට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?


alternative
  • කරදරයකින් තොරව ඔබගේ ව්‍යාපාරික ස්ථානයෙහි කොවිඩ් 19 ව්‍යාප්තිය හෝ පැතිරීම පාලනය කර ගැනීමට

  • අවශ්‍ය දත්තයන් පමණක් ඇතුළු කිරීමෙන්, ඉක්මණින් සහ පහසුවෙන් පුද්ගලයින්ට ඇතුළුවීමටත් පිටවීමටත් හැකිවීම

  • ආසාදිතයින් සහ නිරෝධායනය වන පුද්ගලයින් ඔබගේ ආයතනයට ඇතුළුවීමෙන් වළක්වා ගැනීමට

  • ඔබගේ ආයතනයට පෙර පැමිණි කිසියම් පුද්ගලයකු වෛරසය සඳහා ධනාත්මක වුවහොත් ඒ බව ඔබට දැනගත හැක

  • මුද්‍රිත QR කේතයන් කාර්‍ය බහුල වේලාවන් වලදී පහසුවෙන් පැමිණීමටත් පිටවීමටත් අවස්ථාව ලබා දේ

  • වැඩි පහසුකම් වලින් යුත් මෙහෙයුම් පුවරුව ඔබට වඩාත් කාර්යක්ෂමව ආයතනය තුළ කොවිඩ් 19 ව්‍යාප්තවීම වැලැක්වීමට අවස්ථාව ලබාදේ

සුවෙන් සිටිමු කොවිඩ් ට්‍රේසර් මෘදුකාංගය කා සඳහාද?


alternative

පෞද්ගලික ව්‍යාපාරික ස්ථාන

alternative

රාජ්‍ය ආයතන

alternative

ආගමික ස්ථාන

alternative

ප්‍රවාහන සේවා


සුවෙන් සිටිමු කොවිඩ් ට්‍රේසර් මෘදුකාංගය තුළ පවතින ඔබගේ විස්තර වල පෞද්ගලිකත්වය සහ සුරක්ෂිතභාවය


  • රාජ්‍ය ක්ලවුඩය තුළ දත්ත වඩාත් සුරක්ෂිත වීම

  • දත්ත විශ්ලේෂණය කළ හැක්කේ ඒ සඳහා විධිමත් අවසරයක් ඇති අදාළ බළධාරීන්ට පමණි

  • ඔබගේ දත්ත හෝ ඔබ ආයතනයේ දත්ත තෙවන පාර්ශව වෙත ලබාදීම කිසිසේත්ම සිදු නොවේ

alternative

ඔබට උදව් කළ හැක්කේ කෙසේද?


alternative

  • ඔබ කිසියම් ස්ථානයකට පිවිසෙන විට ඔබේ තොරතුරු සුවෙන් සිටිමු කොවිඩ් ට්‍රේසර් මෘදුකාංගය තුළින් ලබා දෙන්න

  • නිවැරදි විස්තර ලබාදීමෙන් සහ නොමඟ යා හැකි ආකාරයෙන් විස්තර ලබා නොදීමෙන් සමීපතමයින් හා සම්බන්ධ වූවන් සොයා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් කාර්‍යක්ෂමව සිදු කළ හැක

  • ඔබ මෙසේ ලබා දෙන දත්ත වැඩි වන තරමට ඔබගේ ආරක්ෂාව තහවුරු කිරීම අපට පහසු වනු ඇත

COVID-19 ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට සහාය වීම ඔබේ යුතුකමක් මෙන්ම වගකීමක් ද වේ.
මෙම වසංගතයට එරෙහිව සටන් කිරීමට සහ සුරක්ෂිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට අපට සහාය වන්න!